Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙඩි තැබීමේ වාර්තා 13 ක්

වෙඩි තැබීමේ වාර්තා 13 ක්

editorial - 2020 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(සුසිල් ප්‍රේමලාල්)
ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වලින් තරග වාර්තා 13 කට හිමිකම් කීමට සුරංග ප්‍රනාන්දු සමත්ව සිටී. නැගී එන තරුණ ක්‍රීඩකයකු වන සුරංග ප්‍රනාන්දු මේ වන විටකනිෂ්ඨ ජාතික වාර්තා 10 කට හිමිකම් කියන අතර තවත් වාර්තා 3 ක් ජ්‍යෙෂ්ඨ අංශයේ ජාතික සහ ශ්‍රී ලංකා වාර්තා ලෙසද සඳහන් වේ.
 
සිය පියා වූ මංජුල ප්‍රනාන්දුගේ උපදෙස් සහ පුහුණුව යටතේ, වයස අවුරුදු 13 දී
ඉලක්කයට වෙඩි තැබීමේ තරග වලට ඉදිරිපත් වූ සුරංග ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරග රැසකට සහභාගී වී රන්, රිදී හා ලෝකඩ පදක්කම් විශාල සංඛ්‍යාවක් දිනා ඇත.
 
මොරටුව වේල්ස්කුමර විදුහලේ 13 හැවිරිදි ක්‍රීඩකයෙකු ලෙස 1999 වසරේදී ජාතික කනිෂ්ඨ වෙඩි තැබීමේ තරගාවලියට ඉදිරිපත් වෙමින් සිය ප්‍රථම ජයග්‍රහණය හිමි කරගෙන ඇති සුරංග ඉන් වසරකට පසු පකිස්ථානයේ පැවති දකුණු ආසියානු වෙඩි තැබීමේ තරගාවලියේදී එයාර් රයිෆල් කනිෂ්ඨ (වයස අවු. 21 න් පහළ) රන් පදක්කම දිනාගෙන ඇත්තේ එම ඉසව්වේ වාර්තාවට ද හිමිකම් කියමිනි.
 
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ සිව් වරක් 2006 (කොළඹ), 2010 (ඩකා), 2016 (ගුවහටි) සහ 2019 (කත්මණ්ඩු) යන ශ්‍රී ලංකාව නියෝජනය කොට ඇති සුරංග ප්‍රනාන්දු එහිදී දිනා ඇති පදක්කම් සංඛ්‍යාව 7 කි. ඒවා සියල්ලම ලෝකඩ පදක්කම් වෙයි. ඊට අමතරව ඔහු 2002, 2014 සහ 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහාත් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
 
සුරංග ප්‍රනාන්දු මෙරට ජාතික තලයේ තනි ඉසව්වලින් රන් පදක්කම් 100 කට වැඩි සංඛ්‍යාවක් දිනා ඇති අතර පිස්තෝල අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය වැඩිම වාර ගණනක් දිනා ඇත. වායු පිස්තෝල අංශයෙන් ඔහු තැබූ ජාතික සහ ශ්‍රී ලංකා වාර්තා තවමත් නොබිඳී පැවතීම විශේෂත්වයකි.

ඉතාමත් අඩු වයසකදී ඉලක්කයට වෙඩි තැබීමේ තරග නියෝජනය කිරීම ඇරඹූ සුරංග මේ වන විට එම තරග ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ ඇති අතර, ඔහුගේ එකම සිහිනය වනුයේ කෙදිනක හෝ ඔලිම්පික් වරම් ලබාගැනීමයි.
 
වෙඩි තැබීමේ ක්‍රීඩාවේ නියැලෙමින් සිටියදී ඊට සමගාමීව තරග විනිශ්චයෙන් සහ පුහුණුකරුවෙකු ලෙසද ඉදිරියට යාමට බලාපොරොත්තු වන ඔහු මේ වන විට B ශ්‍රේණියේ තරග විනිසුරුවෙකු වෙයි. මීට අමතරව ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පාඨමාලාවක් හදාරා තිබේ.

 

සුරංග ප්‍රනාන්දු සතු කනිෂ්ඨ (වයස 21 න් පහළ) වාර්තා
 
● මීටර් 10 වායු පිස්තෝල – කනිෂ්ඨ පිරිමි - ජාතික ශූරතාව – 2006
● මීටර් 25 ස්ටෑන්ඩඩ් පිස්තෝල – කනිෂ්ඨ – ජාතික ශූරතාව – 2006
● මීටර් 25 රැපිඩ් ෆයර් - කනිෂ්ඨ – ජාතික ශූරතාව – 2003
● මීටර් 25 සෙන්ටර් ෆයර් - කනිෂ්ඨ – ජාතික ශූරතාව – 2004
● මීටර් 50 නිදහස් පිස්තෝල – කනිෂ්ඨ – ජාතික ශූරතාව – 2006
● මීටර් 10 වායු පිස්තෝල – කනිෂ්ඨ ශූරතාව – 2005
● මීටර් 25 ස්ටෑන්ඩඩ් පිස්තෝල – කනිෂ්ඨ ශූරතාව – 2005
● මීටර් 25 රැපිඩ් ෆයර් - කනිෂ්ඨ ශූරතාව – 2003
● මීටර් 25 සෙන්ටර් ෆයර් - කනිෂ්ඨ ශූරතාව – 2002
● මීටර් 50 නිදහස් පිස්තෝල – කනිෂ්ඨ ශූරතාව – 2006
 
ජ්‍යෙෂ්ඨ අංශයේ වාර්තා
● මීටර් 10 වායු පිස්තෝල – අවසන් වටය – 2019
● මීටර් 10 වායු පිස්තෝල – මිශ්‍ර ජාතික වාර්තාව – 2019
● මීටර් 10 වායු පිස්තෝල – මිශ්‍ර ශ්‍රී ලංකා වාර්තාව – 2019

 

 

 


අදහස් (0)

වෙඩි තැබීමේ වාර්තා 13 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.